Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්

48 minutes ago

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල, මාතර ඇතුළු දකුණු පළාතේ ප්‍රධාන නගර වෙත ගමන් කිරීමට පැමිණි මගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එම පරිශ්‍රය තුළ දැඩි මගී තදබදයක් හටගෙන තිබේ.

ගාල්ල සහ මාතර බලා ධාවනය වන අධිවේගී බස් රථ ලබා ගැනීම සඳහා පැමිණ සිටින මගීන්ගේ පෝලිම් බස් නැවතුම්පොළ පරිශ්‍රයෙන් පිටතට, කිලෝමීටරයකටත් වඩා වැඩි දුරකට ඇදී ගොස් ඇති බව වාර්තා වේ.

එක්වරම විශාල මගීන් සංඛ්‍යාවක් පැමිණීමත් සමඟ බස් රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගමනාන්ත කරා යාමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *