ලාසිතා ලෝකයේ පෙරළිකාර අනන්‍යතාවයක් සනිටුහන් කළ සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරු වැලන්ටිනෝ ගරාවානි අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 93 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
20 වන සියවසේ විලාසිතා ක්ෂේත්රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන වැලන්ටිනෝ, ස්පාඤ්ඤ සංචාරයකින් ලැබූ ආභාෂය මත සිය නිර්මාණ සඳහා රතු වර්ණය භාවිත කිරීමට හුරු විය.
- ඔහුගේ සුප්‍රසිද්ධ ‘ෆියෙස්ටා’ (Fiesta) ඇඳුම එළිදැක්වීමත් සමඟ වැලන්ටිනෝ සන්නාමය ගෝලීය කීර්තියට පත්විය.
- 2008 වසරේ පැවැති ඔහුගේ අවසන් විලාසිතා එකතුව ප්‍රදර්ශනය කිරීමේදී ද සියලුම නිරූපිකාවන් රතු පැහැති ඇඳුම් ඇඳ සිටීම විශේෂත්වයකි.
ලොව ප්රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ සමීපතම නිර්මාණකරුවෙකු වූ වැලන්ටිනෝගේ සේවාදායකයින් අතර:
- එලිසබෙත් ටේලර්, නැන්සි රේගන්, ෂැරන් ස්ටෝන්, ජූලියා රොබට්ස් සහ ග්විනේත් පැල්ට්රෝ වැනි ප්‍රකට තරු සිටියහ.
- 2013 වසරේදී ස්වීඩනයේ මැඩලීන් කුමරියගේ මංගල ඇඳුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවූයේ ද ඔහුටය.
වැලන්ටිනෝගේ නිර්මාණ දිවිය පුරා දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබීය. විශේෂයෙන්ම 2023 වසරේ දෙසැම්බර් මස ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේ පැවති බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේදී ඔහු විශිෂ්ට ජයග්‍රහණ සම්මානයෙන් (Outstanding Achievement Award) පිදුම් ලැබීය.

රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
අයවැයෙන් හිමිවන සහන ගැන ඇමති නලින්දගෙන් ඉඟියක්
ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
පළාත් 5කට ලොකු වැස්සක්