සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ, මහමඟ ගමන් ගන්නා ජනතාවට සහ සෙසු රථවාහනවලට දැඩි අවදානමක් එල්ල කරමින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කිරීමේ සිදුවීමකට අදාළව 19 හැවිරිදි තරුණයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආණමඩුව ප්‍රදේශය දෙසට මෙම යතුරුපැදිය ධාවනය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඊයේ (08) සවස් කාලයේදී සැකකරු අත්අඩංගුවට ගෙන අදාළ යතුරුපැදිය ද සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරායදායක ලෙස රිය පදවා සෙසු රියදුරන්ට සහ මගීන්ට අනතුරක් සිදු කිරීම මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යන බරපතළ චෝදනා යටතේ මෙම සැකකාර තරුණයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නවගත්තේගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

මාල කේස් එක ඉවරයි.. දැන් සම්පූර්ණ අවධානය ක්‍රිකට්වලට.. – භානුක රාජපක්ෂගෙන් X සටහනක්
බක්මහ උළෙලක ගැටුමක් දුරදිග යයි! සහෝදරයා බේරාගන්න ගිය පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට!
ප්‍රවේශම්වන්න! ඔබගේ බැංකු ගිණුම හිස් කරන අලුත්ම ඩිජිටල් ජාවාරම ගැන පොලිසියෙන් රතු නිවේදනයක්!
රාගම වෙළඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට ලැබුණු නියෝගය
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි! මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක්!
පහළොස් දහසක අල්ලසක් ගත් රජයේ නිළධාරියෙකුට අමතක නොවන දඬුවමක්
අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයෙකුට වැඩ වරදී
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
සාම පා ගමනේ අද ගමන් මග
මැයි මාසයේ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන දින 3ක් පිළිබඳව දැනුම්දීමක්
මහින්ද පතිරණට එරෙහි වටගලගේ අපහාස නඩුව කැඳවයි
සජබ ප්‍රබලයෙක් සිය තනතුරුවලින් ඉවත්වෙයි