Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයට දීපු කාලය ඉවරයි! සර්වජන බලයෙන් නැකැත් සීට්ටුවක්!

2 months ago

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව එළඹෙන සෙනසුරාදා දිනයේ සිය පක්ෂය විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක් මහතාට එම ධූරයෙන් ඉවත් වී යෑමට අවශ්‍ය නැකතද තමා ලබාදීමට බලාපොරොත්තු වන බවත් සර්ව ජනබලවේගයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, විපක්ෂය නියෝජනය කරන පක්ෂ ගණනාවක නියෝජිතයන් පිරිසක් සමඟ සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී අද (14) පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රාජ්‍ය නැකැත් කමිටුව පිහිටුවීමට රජය කඩිනම් පියවර නොගන්නේනම් සිය පක්ෂයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුව ඉදිරිපත් කරන බව සර්වජන බලය විසින් පසුගිය 12 වැනිදා ප්‍රකාශ කළා.

ඒ අනුව, අද වනවිට සර්වජන බලය රජයට ලබාදුන් කාලය ඉක්මවා ගොස් ඇති අතර පොරොන්දු වු පරිදි සියලුදෙනාට එකඟ විය හැකි නැකැත් සීට්ටුවක් සකස් කරන ලෙස ඔවුන් පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් රාජමහා විහාරයේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් කර තිබුණු ඉල්ලීම අනුව අද (14) ඒ සඳහා පියවර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *