Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජබයෙන් එජාපයට ආරාධනයක්

43 minutes ago

එළැඹෙන මැයි පළමුවැනිදා මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සඳහා සහභාගී වන ලෙස එම පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂයට නිල වශයෙන් ආරාධනා කරමින් ලිපියක් යවා තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් යුතුව, මෙම ලිපිය යොමුකර තිබෙනවා.

වැඩ කරන ජනතාවගේ සහ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව එම ලිපියේ සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි මෙම ආරාධනය සිදු කර ඇති අතර, මැයි 01 වැනිදා පස්වරු 2.00ට මෙම රැළිය පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *