මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීමේ අරමුණින් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා සඳහා පාකිස්තානය වෙත සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විශේෂ නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.
මෙලෙස සංචාරය අවලංගු කරන ලෙස දැනුම් දී ඇත්තේ ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් යන මහත්වරුන් වෙත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නියෝජිත පිරිස අදාළ සාම සාකච්ඡා සඳහා ඊයේ (25) දිනයේදී පාකිස්තානය බලා පිටත්ව යාමට සූදානමින් සිටියදී ජනාධිපතිවරයා විසින් මෙම හදිසි නියෝගය නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, සංචාරය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබූ පසුබිමක ට්‍රම්ප් විසින් සිය නියෝජිතයින්ට එම ගමන නතර කරන ලෙස ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.
මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, කිසිදු සාකච්ඡාවක් සිදු නොවන තත්ත්වයක් තුළ ඒ සඳහා පැය 18ක දීර්ඝ ගුවන් ගමනක යෙදීම අනවශ්‍ය බවයි. ඵලදායී සාකච්ඡාවකට අවස්ථාවක් නොමැති නම් එවැනි සංචාරයකින් පලක් නොවන බව ඔහුගේ අදහස වී තිබේ.

පුද්ගල ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට ගිය හේතුව හෙළිවෙයි
හෙට විනාශ කිරීමට සැරසෙන මත්ද්‍රව්‍ය කිලෝ 300
ශ්‍රී ලංකා ක්‍රිකට්හි දැවැන්ත වෙනසක්?
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
බිහිසුණු බස් අනතුරක්! 11ක් රෝහලට! තනතුර අමතක කර පිහිටට ආ කතානායක (වීඩියෝ)
ගිනිඅවියක් අතැතිව ඉඩම් ආරවුලක් විසඳන්න හැදූ මන්ත්‍රී අර්ච්චුනා