වර්තමාන දුම්රිය සේවාව නවීකරණය කරමින් විද්‍යුත් දුම්රිය සේවාවන් හඳුන්වා දීම සහ දැනට පවතින දුම්රිය මාර්ග පද්ධතිය ජාත්‍යන්තර “සම්මත පළල” යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී මෙම ව්‍යාපෘතියට අදාළ සැලසුම් සහ මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) යටතේ ප්‍රධාන මාර්ග තුනක් විද්‍යුත් කිරීමට මූලික සැලසුම් සකස් කර ඇත:
- කැලණිවැලි මාර්ගය: මරදාන සිට මාකුඹුර දක්වා.
- ප්‍රධාන දුම්රිය මාර්ගය: කොළඹ කොටුව සිට රාගම දක්වා.
- මුහුදුබඩ මාර්ගය: කොළඹ කොටුව සිට පානදුර දක්වා.
මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී ලක්ෂණය වන්නේ දැනට පවතින පුළුල් පළල (Broad Gauge) සහිත මාර්ග වෙනුවට, ලොව බොහෝ රටවල භාවිතා වන සම්මත පළල (Standard Gauge) මාර්ග පද්ධතියක් හඳුන්වා දීමට තීරණය කිරීමයි. මෙමඟින් දුම්රියවල වේගය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්
අර්ච්චුනාට ඇප
තිරිඟු පිටි මිල ඉහළට
ශම්මි සිල්වා ඉල්ලා අස්වීම භාරදෙයි
යළිත් විදුලි ගාස්තු සංශෝධනයක්? යෝජිත ආකාරය මෙන්න
රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි