ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “එහිපස්සිකෝ” සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.
“චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” යන බුදුරජාණන් වහන්සේගේ දේශනාව පදනම් කරගනිමින් කරුණාවේ සහ මෛත්‍රීයේ පණිවිඩය රැගෙන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු විදෙස් භික්ෂුන්වහන්සේ දොළොස් නමකගේ සහභාගිත්වයෙන් පසුගිය 22 වනදා දඹුල් රජමහා විහාරස්ථානය අසළින් ආරම්භ කෙරුණු සාමයේ පා ගමන කි.මි 210කට වැඩි දුරක් ගෙවා අද (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ළඟා විය.
මෙහිදී ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ වෙත භාරදීම සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඇතුළු කණ්ඩායම මෙරට සිදු කළ පාද චාරිකාව අප රට තුළ නව ධර්ම උද්යෝගයක් නිර්මාණය කළ බවත්, එමෙන්ම විනයධර සහ ධර්මධර ස්වාමීන්වහන්සේ කෙරෙහි මෙරට පොදු ජනතාව තුළ තිබෙන මහත් භක්තිය සහ ගෞරවය එමඟින් පෙන්නුම් කළ බවත්ය. උන්වහන්සේගේ දේශනාව වූ සතිමත් බව පුහුණු කරමින් සාමයේ දිවයින මනුෂ්‍යත්වයේ දිවයින බවට පත් කිරීමට කැපවෙමුයි සියලුදෙනාට ආරාධනා කළේය.
අද රට තුළ ඉදහිට සිදුවන ඇතැම් සිදුවීම් ආගමික ප්රබෝධය පිළිබඳ ජනතාව තුළ බිඳ වැටීමක් ඇති කරන බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ආගමික සංස්ථාවන්හි ගෞරවය සහ වටිනාකමත්, ධර්මයේ හරයත් ආරක්ෂා කර ගැනීමට සියලු ආගමික නායකයන්ට මහඟු වගකීමක් පැවරී තිබෙන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම සහායක්ම ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කළේය.

රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු
මාලදිවයින් ජනපති දිවයිනට
චාල්ස් රජුගේ ඇමරිකානු සංචාරය ඇරඹෙයි
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට