Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි

12 minutes ago

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් කිහිපදෙනෙකු නාන කාමර තුළ සිටියදී ජංගම දුරකථන මගින් රූගත කළ බවට සැකපිට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සම්මන්ත්‍රණයක් සඳහා පැමිණ අදාළ හෝටලයේ නවාතැන්ගෙන සිටි වෛද්‍යවරියන් පිරිසක් දිය නාමින් සිටියදී මෙම තරුණයින් දෙදෙනා විසින් රූගත කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලීසිය විසින් සැකකාර ක්‍රීඩකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් වෛද්‍යවරියන්ගේ පමණක් නොව පිරිමි පුද්ගලයින්ගේ ද දර්ශන මෙලෙස ලබාගෙන ඇති බවයි. අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇත්ද යන්න සහ ඒවා වෙනත් පාර්ශ්ව වෙත ලබාදී ඇත්ද යන්න පිළිබඳව පොලිසිය විද්‍යාත්මක විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ක්‍රීඩකයින් දෙදෙනා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *