Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

8 hours ago

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ගැටලු නිරාකරණය අරමුණු කරගත් වැටුප් කොමිෂන් සභාව ලබන සතියේ ස්ථාපනය කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න  මහතා පැවසීය.

කොමිසමේ  සාමාජික ධුරවලට සුදුසු  නාමයෝජනා දැනටමත් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

කාලයක් තිස්සේ නො විසඳුණු වැටුප් විෂමතා වැටුප් ගැටලු සහ  විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්න ඇතුළු කාරණා විසඳීම සඳහා මෙම කොමිෂන් සභාව ඉදිරියේදී මැදිහත් වනු ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැටුප් ගැටලු පවතින අදාළ ආයතන සහ  ඒවායේ වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවා එම  ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසීමටද වැටුප්  කොමිෂන් සභාවට  බලය පැවරෙනු ඇත.

වැටුප් කොමිෂන් සභාව පිහිටුවීම  ජනාධිපතිවරයා පසුගිය අයවැයෙන්  කරන ලද යෝජනාවක් ඉටුකිරීමකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *