ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක් අද (16) කොළඹ මල්පාරේ දී පැවැත්විණි.
ආණ්ඩුව සිදු කරන දූෂණයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා සිදු කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තුන්වන සම්මන්ත්‍රණය 24 වැනිදා ජාඇල දී පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව එහි අභයන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙම සාකච්ඡාව පැය කිහිපක් පුරා පැවති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ නියොජනය කරමින් සාමාජිකයින් එක්ව තිබේ.
එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා මෙසේ පැවසීය.
”ඒකාබද්ධ විපක්ෂය විසින් 24වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ සම්මන්ත්‍රණ මාලාවේ 3 වෙනි එක පවත්වනවා.. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව සාකච්ඡාවක් තිබ්බා.. විපක්ෂය හැමතැනම ඉන්නවා ගැටලුවක් නෑ අවශ්‍ය වෙලාවට එකතු වෙයි.. සියලුම අය එකතු වෙයි. තාම විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ, තම තමන්ගේ පක්ෂ ශක්තිමත් කිරීම කරන්නේ.. මැතිවරණයක් ආපුවහම රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකිවයුතු පක්ෂය විදිහට ඒ යුතුකම අපි කරනවා.”

විජේ හමුවීමට චෙන්නායි ගිය මන්ත්‍රී අර්ච්චුනා
වාහන බද්ද ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
පාපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට අඩි 15ක් ගැඹුරු දියවළකට වැටී දිවි අහිමි වෙයි
රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්
සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී
මහ බැංකුවෙන් අලුත් වැඩක් අරඹයි
වනවාසල දුම්රිය අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Meta AI පාවිච්චි කරන අයට WhatsApp වෙතින් තෑග්ගක්
අද සිට වාහන ආනයන රේගු බද්දට තවත් අතිරේක බද්දක්
සම්පත් බැංකුවෙන් විශේෂ නිවේදනයක්
අඩු පීඩන කලාපය තවදුරටත්! අද කාලගුණ අනාවැකිය මෙන්න!
මත්ද්‍රව්‍ය සිදුවීමට අදාළ චීවරධාරීන්ගෙන් ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් කළ ඉල්ලීම