Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විජේ හමුවීමට චෙන්නායි ගිය මන්ත්‍රී අර්ච්චුනා

1 minute ago

දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති හඬ අවදි කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ප්‍රකාශ කර තිබේ.

තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) හමුවීම සඳහා මේ දිනවල චෙන්නායි නුවරට ගොස් සිටින මන්ත්‍රී අර්ච්චුනා, TVK අමාත්‍ය රාජ්මෝහන් මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන්කර ඇත.

කෙසේ නමුත් මේ දක්වා ඔහුට විජේ හමුවීමට අවස්ථාවක් ලැබී නොමැති බව වාර්තා වේ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී අර්ච්චුනා මහතා,

“මට මහ ඇමැති විජේ මහතා හමුවෙන්න හැකිවෙයි කියලා ලොකු විශ්වාසයක් නැහැ. 

විජේ මහතා තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දෙන අවස්ථාව සජීවීව දැකබලා ගන්න මට ලොකු ආසාවක් තිබුණා. නමුත් ඒ දවස්වල ලංකා පාර්ලිමේන්තුවේ කටයුතුවල නිරතව සිටි නිසා එය දැකබලා ගැනීමට නොහැකි වුණා.

තමිල්නාඩු ජනතාව ඓතිහාසික දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි වෙනසක් සිදුවිය නොහැකි බව ප්‍රබල දේශපාලන විචාරකයින් පැවසුවා. නමුත් මම දිගින් දිගටම කියා සිටියේ මෙවැනි වෙනසක් සිදුවන බවයි “ යනුවෙන් ඔහු පැවසීය.

දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති හඬ අවදි කළ යුතු බවද ඔහු මෙහිදී පවසා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *