Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!

5 minutes ago

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අද (24) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048 දී සාර්ථක ව පවත්වා අවසන් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම විභාගය සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991 ක් ද, අනෙකුත් අයදුම්කරුවන් 96,442 ක් ද අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකු සඳහා ද විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුම් සපයා තිබුණා.

2023 වර්ෂයේදී, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් සැලසුම් කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩු 3ක් සහ අභියාචනාධිකරණයේ පැවති එක් නඩු කටයුත්තක් හේතුවෙන් අදාළ විභාගය අත්හිටුවීමට කටයුතු කෙරුණා.

සියලු නඩු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, දිවයින පුරා පවතින සමස්‍ත ගුරු හිඟයට පිළියම් සැපයීමේ අරමුණෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන්ම අනෙකුත් උපාධිධාරීන්ට ද පෙනී සිටිය හැකි ලෙස මෙවර විභාගය පැවැත්වීම විශේෂත්වය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *