Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි?

7 hours ago

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මහාචාර්යවරයා සිය ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවද දැනුම්වත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, ලේකම් ධුරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද ඔහු විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාචාර්ය කපිල පෙරේරා මහතාට එරෙහිව මෑතකදී තීන්දුවක් ලබා දී තිබුණි. එවැනි පසුබිමක ඔහු මෙම තීරණය ගැනීම විශේෂත්වයකි.

මහාචාර්ය කපිල පෙරේරා මහතා විශ්වවිද්‍යාල සේවයේ සිට රාජ්‍ය සේවය වෙත පැමිණ ඇති අතර රජ්‍ය සේවයේ ඔහුගේ කාලය අවසන් වීමත් සමඟ මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මහාචාර්ය කපිල පෙරේරා මහතා යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව සඳහන්ය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමට පෙර ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *