ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේදී මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන්ට සාපේක්ෂව මේ වන විට ඉන්ධන මිල ගණන්වල යම් අඩුවීමක් පෙන්නුම් කරන නමුත් මැදපෙරදිග යුද්ධයට පෙර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පැවැති මිලට වඩා වැඩි මිලකට තවදුරටත් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
“4 වැනි මාසය සහ 3 වැනි මාසය වෙද්දි ලෝක වෙළෙඳපොළේ තිබුණා ඉතාම ඉහළ මිලක්. නමුත් මේ මිල මේ වෙනකොට පහළ මට්ටමකට ඇවිත් තියෙනවා. නමුත් අපි ගත්තොත් යුද්ධය ආරම්භයට පෙර තිබුණ මිලට වැඩිය වැඩි මිලක තමයි තාමත් ලෝක වෙළෙඳපොළේ මිල තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව කියන්න පුළුවන් මිල අඩුවීමක් වෙන්නේ නම් නෑ කිසිසේත්ම. මේ මාසයේ හෝ ඊළඟ මාසයේ… බොහෝ දුරට සැප්තැම්බර් වෙනකන් මිලේ අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් වැඩි වීමක් තියෙනවාද කියන එක මේ වෙනකොට අපිට කියන්න පුළුවන් කමක් නෑ. අපි ඒක මේ වෙනකොටත් අධ්‍යනය කරමින් ඉන්නේ. අද හවස් වෙද්දි තමයි ජාත්‍යන්තර මිල ප්‍රකාශයට පත් කරන්නේ. ඒ මිලත් බලලා සාමාන්‍යයෙන් අපි 31 වැනිදා තමයි මිල ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් මෙවර 31 ඉරිදා දිනයක් නිසා. අද හවස වෙද්දි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල කොහොමද කියලා ප්‍රකාශයට පත් වෙනවා අද දවසට අනුව. ඒ සියල්ල බලලා ඒ සම්බන්ධව තීරණයක් ගන්නවා. නමුත් ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ආරම්භ කරලා නෑ. සාකච්ඡා වාර කිහිපයක් යන්න ඕනේ. ඒ හින්දා මේ වෙලාවේ අපිට කියන්න බෑ. නමුත් පැහැදිලිවම අඩුවීමක් වෙන්නේ නම් නෑ සමහරවිට මේ ගානටම තියෙනවාද, සුළු වැඩිවීමක් තියෙනවාද කියලා අධ්‍යනය කරන්න ඕනේ. හැබැයි පැහැදිලිවම විශාල වැඩිවීමක් නම් වෙන්නේ නැහැ. මොකද මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරන්න ඕනේ නෑ.”

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්