නවදිල්ලියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ තමිල්නාඩු මහඇමැති සී. ජෝසප් විජේ අතර අද (27) විශේෂ සුහද හමුවක් සහ සාකච්ඡාවක් පැවත්වා තිබෙනවා.
මෙම නිල හමුවේදී තමිල්නාඩු ප්‍රාන්තයේ සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් වූ වැදගත් ඉල්ලීම් රැසක් ඇතුළත් ස්මාරක පත්‍රයක් මහඇමැති විජේ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ.
එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නෙදර්ලන්ත සංචාරයේදී, ඓතිහාසික වැදගත්කමකින් යුත් ‘ආනෛමංගලම් සෙප්පේඩු’ (ආනෛමංගලම් තඹ සන්නස්) යළි ඉන්දියාවට රැගෙන ඒමට පියවර ගැනීම සම්බන්ධයෙන් මහඇමැතිවරයා සිය කෘතඥතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම, තමිල්නාඩුවේ රාජ්‍ය උත්සව ආරම්භයේදී ප්‍රාන්ත ප්‍රණාම ගීතය වන ‘තමිල්තායි වාල්ත්තු’ ගීතය ගායනා කිරීම සම්බන්ධයෙන් මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට අවශ්‍ය පැහැදිලි උපදෙස් ලබා දෙන ලෙස මහඇමැතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වූ අනෙක් ප්‍රධාන කරුණ වූයේ තමිල්නාඩු ධීවරයින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් ඉහළ යාමයි.
2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් 12ක් වාර්තා වී ඇති බවත්, මේ වන විට ධීවරයින් 58 දෙනෙකු ශ්‍රී ලංකාවේ භාරයේ පසුවන අතර ධීවර බෝට්ටු 266ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මහඇමැති විජේ පෙන්වා දීඉ තිබෙනවා.
එබැවින්, දැනට ශ්‍රී ලංකා භාරයේ සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර බෝට්ටු කඩිනමින් නිදහස් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම එල්ල කරන ලෙස මහඇමැති ජෝසප් විජේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් දැඩිව ඉල්ලා සිටි බවයි වාර්තා වෙන්නේ.

හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ