Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහජන බැංකුවට දැවැන්ත ලාභයක්

4 hours ago

මහජන බැංකුව, භූ දේශපාලනික ගැටුම්කාරී තත්ව සහ අඛණ්ඩ ගෝලීය ආර්ථික අර්බුදකාරී තත්ව මධ්‍යයේ වුවද නොසැලෙමින් සිය ස්ථාවරත්වය මනාව පවත්වා ගනිමින් 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ශක්තිමත් සහ මනාව ඔරොත්තු දෙන මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත් විය. මහජන බැංකුව මෙම කාලය තුළ රුපියල් බිලියන 16.6 ක ඒකළ බදු පෙර ලාබයක් (PBT) වාර්තා කළ අතර, ඒ තුළින් එහි මනා පදනම, විචක්ෂණශීලී ශේෂ පත්‍ර කළමනාකරණය සහ විනයගරුක අවදානම් කළමනාකරණ භාවිතයන්හි ශක්තිය මනාව පිළිබිඹු කරයි.

මහජන බැංකුවේ මෙම මෙහෙයුම් කාර්ය සාධනය සඳහා මූලික ආදායම් ප්‍රවාහ හරහා අත්කරගත් අඛණ්ඩ වර්ධනය හේතු විය. පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ රුපියල් බිලියන 40.7 ට සාපේක්ෂව මුළු මෙහෙයුම් ආදායම සියයට 13.2 කින් ඉහළ ගිය අතර, එය රුපියල් බිලියන 46.1 දක්වා වර්ධනය විය. ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 34.1 සිට රුපියල් බිලියන 40.1 දක්වා සියයට 17.5 කින් වර්ධනය විය. ඵලදායී ප්‍රතිමිලකරණ උපාය මාර්ග සහ විනයගරුක වත්කම් හා වගකීම් කළමනාකරණය හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය (NIM) සියයට 4.1 සිට සියයට 4.3 දක්වා ඉහළ ගිය අතර, වැඩිදියුණු කළ ආන්තික ප්‍රසාරණය මෙම කාර්ය සාධනය සඳහා තවදුරටත් සහාය විය. 

බැංකුවේ ශේෂ පත්‍රයේ අඛණ්ඩ ස්ථාවර ප්‍රසාරණය සහ මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කරමින්, මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 3.8 දක්වාත්, ගනුදෙනුකාර තැන්පතු රුපියල් ට්‍රිලියන 3.3 දක්වාත්, ශුද්ධ ණය සහ අත්තිකාරම් රුපියල් ට්‍රිලියන 1.8 දක්වාත් වර්ධනය විය. මෙම කාර්තුව තුළ, ශ්‍රී ලංකාවේ විශාලතම Basel III” Tier 2, ණයකර නිකුතුව සාර්ථකව නිම කිරීම හරහා බැංකුව සිය ප්‍රාග්ධන තත්වය තවදුරටත් ශක්තිමත් කර ගත්තේය. එමගින් රුපියල් බිලියන 25ක් රැස් කර ගත් අතර, බැංකුවේ දිගුකාලීන ස්ථාවරත්වය සහ මූල්‍ය ශක්තිය කෙරෙහි ආයෝජකයන්ගේ ඇති විශ්වාසය මින් මනාව පිළිබිඹු වේ.

මෙම ශක්තිමත් ප්‍රාග්ධන පදනම බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය (CAR) තවදුරටත් වැඩිදියුණු කිරීමට දායක වූ අතර, එය 2025 අවසානයේ වාර්තා වූ සියයට 16.5 සිට සියයට 17.9 දක්වා වර්ධනය වෙමින් නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් සහනදායී මට්ටමක පැවතුණි. එසේම මහජන බැංකුව ශක්තිමත් ද්‍රවශීලතා තත්වයක් ද පවත්වා ගෙන යමින් ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 260.0 ක මට්ටමින් පවත්වා ගැනීමට සමත් වූ අතර, ශක්තිමත් මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව එමගින් යළිත් අවධාරණය වි තිබේ.
මෙම කාර්තුව තුළ වත්කම්වල ගුණාත්මක දර්ශකය අඛණ්ඩව වර්ධනය වූයේ මහජන බැංකුවේ මූල්‍ය පැතිකඩ තවදුරටත් ශක්තිමත් කරමිනි. අදියර 3 ණය අනුපාතය සියයට 7.7 සිට සියයට 7.2 දක්වා ධනාත්මක වූ අතර, අදියර 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය සියයට 48.4 සිට සියයට 50.0 දක්වා ශක්තිමත් විය. එය වැඩිදියුණු කළ ප්‍රතිසාධන උත්සාහය සහ විචක්ෂණශීලී ණය අවදානම් කළමනාකරණය පිළිබඳ මනාවූ පිළිබිඹුවකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *