Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට යළිත් ආබාධයක්

4 hours ago

බ්‍රසීල දේශීය ලීගයේ සන්ටෝස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ආබාධයට ලක් වූ බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරග මෙන්ම බ්‍රසීල කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ද අහිමි වන බව බ්‍රසීල පාපන්දු සම්මේලනය (CBF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.

සිදු කරන ලද MRI ස්කෑන් පරීක්ෂණ වාර්තා මඟින් තහවුරු වී ඇත්තේ ඔහුගේ දකුණු කෙණ්ඩා ප්‍රදේශයේ දෙවන පෙළේ ආබාධයක් (grade-two calf injury) පවතින බවයි. මේ හේතුවෙන් 34 හැවිරිදි මෙම ප්‍රබල ක්‍රීඩකයාට තවත් සති දෙකත් තුනත් අතර කාලයක් තරග බිමෙන් ඉවත්ව පූර්ණ විවේක ගැනීමට සිදුවන බව බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍ය රොඩ්‍රිගෝ ලස්මාර් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ඔහුව ලෝක කුසලාන සංචිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැත.

මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් නේමාර්ට ලබන ඉරිදා පැනමාවට එරෙහිව පැවැත්වෙන පෙරහුරු තරගය සහ ඉන් අනතුරුව පැවැත්වෙන ඊජිප්තු තරගය මඟ හැරෙනු ඇත. එමෙන්ම, ජුනි 13 වැනිදා නිව් ජර්සි හිදී මොරොක්කෝවට එරෙහිව පැවැත්වෙන බ්‍රසීලයේ ලෝක කුසලාන සමාරම්භක තරඟයට ද ඔහු සහභාගී වීමේ ඉඩකඩ බෙහෙවින් අවම බව වෛද්‍ය වාර්තා අනුව පෙනී යයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බ්‍රසීලය ‘C’ කාණ්ඩය යටතේ හයිටි සහ ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිතව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *