Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව අධිකරණයෙනුත් නියෝගයක්

1 hour ago

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, නීතිපති උපදෙස් මත පොදු දේපළ පනත යටතේ සැකකරුවන් නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවය.

මෙම සිද්ධියට අදාළව හිටපු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ සභාපති භාෂ්වර ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් ඇතුළු පිරිසක්ද සැකකරුවන් ලෙස නම් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි ස්ථාන වෙත ගියද ඔවුන් එම ස්ථානවල නොසිටි බවය.

සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට ද නියෝග කළේය.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතා කර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් ටීෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර ඇත්තේ එම ටීෂර්ටයේ එක්පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපකිෂ මහතාගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම භාවිතා කරමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ සටහනකට මෙම ටීෂර්ට් බෙදාහැර ඇතැයිද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *