Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලුම රජයේ ආයතනවලට ඊයේ සිට තහනම් වෙන දේ

13 hours ago

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය ඊයේ (31) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගිය 15 වැනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මේ බව දන්වා තිබුනා.

පරිසර අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් සහ එකඟතාවෙන් නිකුත් කෙරුණු මෙම චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් වහාම පියවර ගෙන තිබෙනවා.

2025 වසරේ ජගත් පරිසර දිනයේ දී පොරොන්දු වූ පරිදි ප්ලාස්ටික් පොලිතීන් අවම කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙල සියලු රාජ්‍ය ආයතනයන්ගේ මැදිහත්වීමෙන් ඉදිරියටත් ක්‍රියාවට නැංවනු ලබන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *