Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

5 hours ago

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ සමස්ත බර ජනතාව මත පැටවීමට රජය කටයුතු කර නොමැති අතර, වැඩි වූ මිලෙන් පංගුවක් රජය විසින් දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

එහිදී ඔහු කිය සිටියේ, වත්මන් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යෑමට හේතුව ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තර වෙළඳපොළේ බලපෑම බවයි.

කෙසේ වෙතත්, එම තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කිරීම රජයේ වගකීමක් බව පිළිගන්නා බවත්, වත්මන් රජය මේ වන විටත් එම කළමනාකරණය සාර්ථකව සිදුකරමින් පවතින බවත් ඔහු පැවසුවා.

එමෙන්ම, විපක්ෂයට නැවත බලය ලබාගැනීමේ සැබෑ වුවමනාවක් පවතින්නේ නම්, කළ යුත්තේ ජනතාව මුලා කිරීම නොව ජාතික ජන බලවේගයට වඩා සාර්ථක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කර පෙන්වීම බවද ඔහු කියා සිටියා.

වත්මන් විපක්ෂ නායකත්වයට එවැනි හැකියාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *