Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තරුෂි අභිෂේකාට තවත් පදක්කමක් හිමිවෙයි

29 minutes ago

හොංකොං හි පැවැත්වෙන 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට නව යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා පේමසිරි අද (31) පස්වරුවේ සමත් වූවාය.

ඇය මෙම ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය තත්පර 2:07.10 කි.

මෙම මීටර 800 ඉසව්වේ රන් පදක්කම ජපානයේ සසාකි හැනොන් (Sasaki Hanon) විසින් දිනාගත් අතර, රිදී පදක්කම චීනයේ ඩෙං යූ (Deng Yue) විසින් දිනාගන්නා ලදී. 

තරුෂි අභිෂේකා පේමසිරි මෙම ආසියානු U20 මලල ක්‍රීඩා ශූරතාවලියේදීම කාන්තා මීටර 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ද මීට පෙර සමත් වූවාය.

මේ අතර, මෙම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර 800 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට නෙත්සර දිනෙත් ලියනගේ සමත් විය.

ඔහු තත්පර 1:49.22 කින් ඉසව්ව නිමා කරමින් මෙම රිදී පදක්කම දිනාගත් අතර, එහි රන් පදක්කම හිමිකර ගත්තේ තත්පර 1:48.27 කින් ඉසව්ව නිමා කළ ඉන්දියාවේ වෙන්කත්‍රාම් රෙඩ්ඩි ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *