Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෝලිගෙන් විශිෂ්ට ඉනිමක්! 2026 IPL කිරුළ අඛණ්ඩව දෙවැනි වරටත් බැංගලූරු කණ්ඩායමට!

14 hours ago

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාජාත් පටිදාර්ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු (RCB) කණ්ඩායම ඊයේ (31) සමත් විය.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් රැස් කිරීමට සමත් විය. එහිදී ගුජරාට් ඉනිම වෙනුවෙන් නොදැවී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ වොෂින්ටන් සුන්දර් ලකුණු 50ක් රැස් කළ අතර, නිශාන්ත් සින්දු ලකුණු 20ක් සහ අර්ෂාඩ් ඛාන් ලකුණු 15ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රාසික් සලාම් කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ජොෂ් හේසල්වුඩ් සහ බුවනේෂ්වර් කුමාර් කඩුලු 2 බැගින් ද, කෘනාල් පාණ්ඩ්‍යා එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත් වූහ.

ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

බැංගලූරු ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත් සුපිරි පිතිකරු විරාට් කෝලි පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් නොදැවී ලකුණු 75ක් රැස් කළේය. ඊට අමතරව වෙන්කටේෂ් අයියර් ලකුණු 32ක් සහ ටිම් ඩේවිඩ් ලකුණු 24ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා සිය දායකත්වය ලබා දුන්හ.

පන්දු යැවීමේදී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් රෂීඩ් ඛාන් කඩුලු 2ක් දවාගත් අතර, කගීසෝ රබාඩා, අර්ෂාඩ් ඛාන් සහ මොහොමඩ් සිරාජ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *