දැනට ක්‍රියාත්මක කරමින් පවතින ඉන්ධන නිකුත් කිරීමේ QR ක්‍රමවේදය ඉදිරියේදී වඩාත් දැඩිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ රට තුළ ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකින් සීමා කිරීම සහ පාලනය කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
එලෙස ඉන්ධන භාවිතය සීමා කිරීම ඔස්සේ, වර්තමානයේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම යම්තාක් දුරකට හෝ සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවද අනුර කරුණාතිලක මහතා අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
“මේ අර්බුදය දිගින් දිගටම යෑම තුළ අපිට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැනටමත් දන්නවා QR ක්‍රමය හරහා, ඒ වගේම කෝටා ක්‍රමය හඳුන්වා දීමත් එක්ක සැලකිය යුතු ඉන්ධන පරිභෝජනයේ අඩු කිරීමක් කරන්න අපිට පුළුවන්කම ලැබුණත්, තවමත් රටේ අවශ්‍යතාවය මට්ටමට මේක ඇවිල්ලා නැහැ.
දැන් මේ ලෝකය තුළ ඉන්ධන වෙළඳපොළේ ඒ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක, විශාල විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට යන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දැන් මේක සංසන්දනාත්මකව කොයි විදිහටද කියලා බැලුවොත්… ජනවාරි මාසේ මිලියන 186යි, පෙබරවාරි මාසේදී මිලියන 97යි, මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524ක් ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.
එතකොට මේ තත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදිහක අඩු කිරීමක් කරලා, මෙන්න මේ රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු නොකළොත්, මේක එක පැත්තකින් ඉන්ධන මිල වැඩිවීම සඳහා ඉදිරියේදී බලපෑමක් කරනවා විතරක් නෙමෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.
ඒ නිසා මං හිතන්නේ ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත්, ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි විශ්වාස කරනවා මේ ඉන්ධන පරිභෝජනය කිසියම් මේ අර්බුදකාරී අවස්ථාවේ… ඉන්ධන පරිභෝජනය කිසියම් විදිහක අඩු කිරීමක් කරලා, අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදිහක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ