පවතින ආර්ථික තත්ත්වය හමුවේ හුදෙක් රජයට පමණක් දොස් නොනඟා, ජනතාව ද තම දෛනික පරිභෝජනය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් අවධාරණය කරති.
සහනාධාර මතම යැපෙන ක්‍රමවේදයක් තුළින් කිසිදිනෙක රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ, නිරන්තරයෙන් ඉහළ යන විදුලි, ජල සහ ඉන්ධන බිල්පත් සම්බන්ධයෙන් ජනතාව මැසිවිලි නැඟුවද, ඔවුන් තුළ නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති බව ප්‍රකාශ කළහ.
පසුගිය දිනවල නාමල් උයන නැරඹීම සඳහා පැමිණි පිරිස් සහ මහාමාර්ගවල ගමන් කරන තරුණ ප්‍රජාව දෙස බැලීමේදී, ඔවුන් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා විශාල වශයෙන් ඉන්ධන නාස්ති කරන ආකාරය තමන් නිරීක්ෂණය කළ බවද රාහුල හිමියන් එහිදී පැවසූහ.
රටේ දැනට පවතින සහනාධාර ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කළ උන්වහන්සේ, නිදහසින් පසු ගෙවී ගිය දශක හතකට අධික කාලය පුරාම ජනතාව “පිනට කෑමට” හුරු වී සිටින බවටද චෝදනා කළහ.
ඒ අනුව, වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘අස්වැසුම’ වැනි සුබසාධන වැඩසටහන් පවා මාස 6ක් හෝ උපරිම වශයෙන් වසර 2ක් වැනි සීමිත කාලසීමාවකට පමණක් සීමා කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් යෝජනා කර සිටිති.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ,
“මේ රටේ හැමදාම දුන්නේ නිකන්. අස්වැසුම දුන්නා මේ ක්‍රමය අහෝසි කරන්න ඕනේ. මොකද අපි අවුරුදු හැත්ත ගාණක්ම පිනට කාලා පුරුදු වෙලා පුරුදු වෙලා අදටත් අපි පින්ට කන්න බලාගෙන ඉන්නවා. ඒක නිසා මම කියන්නේ අස්වැසුම පවා සීමා සහිතව ඒ කියන්නේ මාස 6කට එහෙම නැත්තම් අවුරුදු 2කට දෙනවා, එතනින් එහාට මේක නෑ. වැඩපිළිවෙළක් අවශ්‍යයි. මම කියන්නේ සහනාධාර දිදී මේ රට ගොඩනගන්න බෑ.පි පඩි දිදී මේ රට ගොඩනගන්න බෑ.”

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ
QR ක්‍රමවේදය ගැන රජය ගත් තීරණය