හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් ඔහුට පනවන ලද මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබ ඇති බව වාර්තා වනවා.
මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වෙලේ සුදා වරදකරු කෙරුනු අතර ඒ අනුව 2015 වසරේ ඔක්තෝබර් මස 14 වනදා කොළඹ මහාධිකරණය විසින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරන තිබුණා.
එම දණ්ඩනය නියම කරනු ලැබුවේ එවකට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින්.
මහාධිකරණ තීන්දුවෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරු මුලින්ම අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළද එය අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබූවා.
ඉන් අනතුරුව මහාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු දෙකම ඉවත දමා තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අවසන් අභියාචනය යොමු කර තිබූ අතර අද දින මෙම ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අභියාචක විත්තිකාර වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා කරුණු ඉදිරිපත් කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය එම අභියාචනයට දැඩි ලෙස විරෝධය පළ කරමින් කරුණු දැක්වූ අතර දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව පවසමින් එය විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කර වහාම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළා.

රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ
QR ක්‍රමවේදය ගැන රජය ගත් තීරණය