Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්

7 hours ago

දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.

2019 වසරේදී රුපියල් මිලියන 16. 5 ක මන්ත්‍රී ප්‍රතිපාදනවලින් පළාතේ ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීමේ චෝදනාව මතයි.

එලෙස මිලදී ගන්නා පුටු 16,361 ක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 54කගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මගින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *