“දිව්වා” සුළි කුණාටුව හේතුවෙන් ගිරිඋල්ල පොලිස් වසමේ පිහිටි මා ඔයේ ජල පහරට ගසා ගෙන එන ලද උණ පදුරු, ගස් මුල් සිරවීම හේතුවෙන් එම සුන්බුන් ඉවත් කිරීම තවදුරටත් සිදු කෙරෙන බව නිට්ටඹුව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු අංශය විසින් දැනුම් දෙනවා.
ඒ අනුව, හෙට 11 සහ අනිද්දා 12 යන දිනයන්හි උදෑසන 8 සිට සවස 5 දක්වා කාලය තුළ මෙම කටයුත්ත සිදුකෙරෙනවා.
මේ හේතුවෙන් මා ඔය පාලම මතින් ගමන් ගන්නා සියළුම රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන් හා මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.
ඒ සඳහා භාවිතා කළයුතු විකල්ප මාර්ග පහත පරිදි වනවා,
පන්නල දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථ වාහන බෝපිටිය, මැල්ලවලාන හන්දියෙන් කොටදෙනියාව මාර්ගය ඔස්සේ කොළඹ 05 මාර්ගයට ඇතුළුවීම.
කුරුණෑගල දෙස සිට කොළඹ 05 මාර්ගයට පිවිසෙන රථවාහන මාහරගම, බෝයවලාන හන්දිය, නවතල්වත්ත, අඹේපුස්ස, කණ්ඩලම හරහා ගිරිඋල්ල මාර්ගයට පිවිස හද්දමුල්ල හන්දියෙන් කොළඹ 05 මාර්ගයට පිවිසිය හැකිය.
කොළඹ දෙස සිට ගිරිඋල්ල පාලම හරහා කුරුණෑගල දෙසට හා ගිරිඋල්ල නගරයට පැමිණෙන රථවාහන කොටදෙනියාව, මැල්ල වලාන හරහා බෝපිටිය මාර්ගය ඔස්සේ කුරුණෑගල මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.
නිට්ටඹුව දෙස සිට ගිරිඋල්ල ණගරයට හා කුරුණෑගල මාර්ගයට පිවිසෙන රථවාහන කණ්ඩලම, අබේපුස්ස (ගොවිපොල හන්දිය), නවතල්වත්ත, බෝයවලාන හරහා මහරගම හන්දියෙන් මීගමුව කුරුණෑගල මාර්ගයට පිවිසිය හැක.

රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්
රුපියල නැගිටියි