වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවාගෙන, ජනතාව මුහුණ දෙන දැඩි ජීවන පීඩනය අවසන් කිරීම සඳහා අවශ්‍ය කරන නියම ශක්තිය තමන් සතු බවත්, ඒ සඳහා නැවත වරක් තමන් වෙත බලය ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට සෘජුව පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජනතාව තමන් කෙරෙහි විශ්වාසය තබා එලෙස බලය ලබාදුන්හොත් රටේ ආර්ථිකය ගොඩනැඟීමේ හැකියාව තමන් සතු බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වන බවයි.
මෙහිදී රටේ පවතින වත්මන් ආර්ථික දුෂ්කරතා සහ බඩු මිල ඉහළ යාම ඇතුළු ගැටලු පිළිබඳව සිය කණගාටුව පළකළ මහින්ද රාජපක්ෂ මහතා, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ බහුතරයක් ජනතාව ජීවත් වන්නේ අතිශය අසීරුතාවන්ට මුහුණ දෙමින් බව පෙන්වා දුන්නේය.
“අද රටේ ඉන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක්. ජනතාවගේ පැත්තෙන් බැලුවොත්, ඔවුන්ට තමන්ගේ එදිනෙදා වේල පවා පියවා ගන්න පුළුවන් මට්ටමක තත්ත්වයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.” යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය තුන් ගුණයකින් ඉහළට
ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක්
කුඩා ගඟ අවට සුළු ගංවතුර තත්ත්වයක්
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
මහනුවර – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්
වාහන ආනයනයට දාපු සීමා කිරීම්වලින් ලැබුණු ප්‍රතිඵල
ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති අතර හමුවක්
ඉන්දියාවේ ගුවන් හමුදා යානයක් කඩාවැටී බිහිසුණු අනතුරක්
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට! සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක්!
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට එරට පොලිසියෙන් ගුටි පූජාවක්
‘දැයට කිරුළෙන්’ ලක්ෂ 2,918ක වංචාවක්? ශිරන්ති රාජපක්ෂට සහ සියඹලාපිටියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
බිස්කට් ගන්න වෙළෙඳසැලට පැමිණි 5 හැවිරිදි දැරියකට හදිකළ 65 හැවිරිදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට