Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවම්

4 hours ago

ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් වරදකරු බවට තහවුරු වූ නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි ‘මෙට් මාරිට්’ (Mette-Marit) කුමරියගේ වැඩිමහල් පුත්‍රයාට වසර හතරක (04) සිරදඬුවමක් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔස්ලෝ දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි.

මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ 29 හැවිරිදි මාරියස් බෝග් හොයිබි (Marius Borg Høiby) නමැත්තාට ය. ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ සහ ගෘහස්ථ හිංසනය ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබූ අතර, ඉන් චෝදනා දෙකක් සඳහා ඔහු වැරදිකරු බවට අධිකරණය හමුවේ මේ වන විට තහවුරු වී ඇත.

කෙසේ වෙතත්, අධිකරණය විසින් නියම කරන ලද මෙම දඬුවමට එරෙහිව ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරුන් මේ වන විටත් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම අදාළ ස්ත්‍රී දූෂණ චෝදනා මත 2024 වසරේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, මෙම ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් නෝර්වේ රාජකීය පවුලේ කීර්ති නාමයට සහ ජනප්‍රියත්වයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *