මෙරට ඉතිහාසයේ සිදුකෙරෙන විශාලතම ගුරු බඳවාගැනීමේ වැඩසටහන ක්‍රියාවට නංවමින්, මේ වසර තුළදී නව ගුරුවරුන් 30,000 කට ආසන්න පිරිසක් රජය විසින් බඳවා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අනුරාධපුරයේදී උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙම බඳවාගැනීමේ වැඩසටහන යටතේ උපාධිධාරී ගුරුවරුන් 23,000 ක්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලැබූ ගුරුවරුන් 6,100 ක් සහ අධ්‍යාපන උපාධිධාරීන් සේවයට බඳවාගැනීමට නියමිත බවයි.
එමෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ඉදිරියේදී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සහ ගුරු උපදේශකයන් ද ක්‍රමයෙන් බඳවාගැනීමට රජය සැලසුම් කර ඇති බව ඇය කියාසිටියාය.

පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට මෙක්සිකෝව පත්වෙයි
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි
ඩොලරය තවත් පහළට
රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්
ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ
ඔබගේ බැංකු ගිණුම බේරගන්න ශ්‍රී ලංකා පොලිසියෙන් උපදෙස් මාලාවක්
තෙල්දෙණියෙන් හමුවූ භෞත චිකිත්සකවරියගේ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
වනිඳු යළිත් මුල් 10 අතරට! වෙල්ලාලගේටත් විශිෂ්ට ප්‍රගතියක්!
පාස්කු විමර්ශන ගැන එජාපෙන් නිවේදනයක්