Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ

4 hours ago

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වී තිබෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනෙකුට ලැප්ටොප් පරිගණක ලබා දීම එහිදී සිදු කෙරුණු අතර, ජනාධිපති අරමුදල මේ සඳහා වැය කර ඇති මුදල් රුපියල් ලක්ෂ 58ක්.

ඒ අනුව, 2025 වසරේදී සහ 2026 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුසිසුවියන් 30 දෙනකුට පමණ ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ ලබා දී තිබෙන අතර, ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් ලක්ෂ 98කට වැඩි මුදලක් වැය කළා.

ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *