Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔබගේ බැංකු ගිණුම බේරගන්න ශ්‍රී ලංකා පොලිසියෙන් උපදෙස් මාලාවක්

4 hours ago

බැංකු ගිණුම් සහ සමාජ මාධ්‍ය හැක් වීමෙන් බේරෙන්න ලංකා පොලිසිය විසින් පුද්ගලයන්ට අපූරු උපදෙස් මාලාවක් ලබා දී තිබේ.

ඩිජිටල් ලෝකයේ ආරක්ෂිතව සිටීමට මෙම උපදෙස් අනුගමනය කරන්න.

සෑම ගිණුමක් සඳහාම අද්විතීය සහ ශක්තිමත් මුරපද භාවිතා කරන්න එකම මුරපදය ගිණුම් කිහිපයකට භාවිතා කිරීමෙන් වළකින්න. අකුරු, අංක සහ විශේෂ ලකුණු ඇතුළත් ශක්තිමත් මුරපද තෝරාගන්න.

ද්වි-සාධක සත්‍යාපනය (2FA) සක්‍රීය කරන්න ඔබගේ බැංකු ගිණුම්, ඊමේල් සහ සමාජ මාධ්‍ය ගිණුම් සඳහා Google Authenticator වැනි යෙදුම් භාවිතයෙන් අමතර ආරක්ෂාවක් ලබාගන්න.

පෞද්ගලිකත්ව සහ ආරක්ෂක සැකසුම් නිරන්තරයෙන් සමාලෝචනය කරන්න Facebook, Instagram සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල රහස්‍යතා සැකසුම් නිවැරදිව සකස් කර ඔබගේ තොරතුරු ආරක්ෂා කරගන්න

මෙහෙයුම් පද්ධතිය (OS) සහ යෙදුම් නිරන්තරයෙන් යාවත්කාලීන කරන්න ජංගම දුරකථනයේ සහ පරිගණකයේ නවතම යාවත්කාලීන ස්ථාපනය කිරීමෙන් ආරක්ෂක දුර්වලතා අවම කර සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂාව වැඩි කරගත හැක.

පොදු Wi-Fi ජාල භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න නොමිලේ ලබාදෙන පොදු Wi-Fi ජාලවලට සම්බන්ධව සිටින විට බැංකු ගනුදෙනු කිරීම හෝ සංවේදී පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින්න.

ඔබගේ ඩිජිටල් ආරක්ෂාව ඔබගේම වගකීමකි. සයිබර් අවදානම් වලින් ආරක්ෂා වීමට සෑම විටම අවධානයෙන් කටයුතු කරන්න.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *