ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වී තිබෙනවා.
දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනෙකුට ලැප්ටොප් පරිගණක ලබා දීම එහිදී සිදු කෙරුණු අතර, ජනාධිපති අරමුදල මේ සඳහා වැය කර ඇති මුදල් රුපියල් ලක්ෂ 58ක්.
ඒ අනුව, 2025 වසරේදී සහ 2026 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුසිසුවියන් 30 දෙනකුට පමණ ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ ලබා දී තිබෙන අතර, ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් ලක්ෂ 98කට වැඩි මුදලක් වැය කළා.
ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට මෙක්සිකෝව පත්වෙයි
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි
ඩොලරය තවත් පහළට
රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්
ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
ඔබගේ බැංකු ගිණුම බේරගන්න ශ්‍රී ලංකා පොලිසියෙන් උපදෙස් මාලාවක්
ගුරු සිහින දකින්නනට සුබ ආරංචියක්
තෙල්දෙණියෙන් හමුවූ භෞත චිකිත්සකවරියගේ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
වනිඳු යළිත් මුල් 10 අතරට! වෙල්ලාලගේටත් විශිෂ්ට ප්‍රගතියක්!
පාස්කු විමර්ශන ගැන එජාපෙන් නිවේදනයක්