රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නැවත තනතුරුවලට පත් කරන ලෙස කාදිනල්තුමා තමාගෙන් ඉල්ලා නොසිටි බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
පාස්කු ප්‍රහාර විමර්ශන සිදුකළ නිලධාරීන් එම ප්‍රහාරය එල්ල කළ බව විශ්වාස කරන රාජපක්ෂ පාලනය විසින් පසු කලක ඉන් ඉවත් කළ බවත් ඔවුන්ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාර වින්දිතයන් සහ ඔවුන්ගේ සංවිධානද පොදුවේ රටක් වශයෙන් එම නිලධාරීන් නැවත පත්කරන ලෙස ඉල්ලා සිටි බවද බිමල් රත්නායක අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාර විමර්ශන සඳහා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නැවත පත්කළේ කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවේ ඉල්ලීමක් අනුව බවට ඇමතිවරයා පසුගිය වසරේ ජුලි 09 වෙනිදා සිදුකළ ප්‍රකාශය සිරිල් ගාමිණී පියතුමා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ මාධ්‍ය කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝම්බරයේ
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
2026 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි
බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප කෙරේ
සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 11,790කගෙන් විශිෂ්ඨ දස්කම්
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ඔලිම්පික් රන් පදක්කම් ලාභියා පරදවමින් රුමේෂ් තරංග ලැබූ ජය