Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් ආලේපිත ගිනිඅවි නඩුවේ සැකකරුවෙකු ලෙස හිටපු ඇමති දුමින්දව නම් කරයි

13 hours ago

හැව්ලොක් ටවුන් නිවාස සංකීර්ණයකදී (Havelock City) කාන්තාවකගේ ගමන් බෑගයක තිබී අත්අඩංගුවට ගත් අති සුඛෝපභෝගී “රන් ආලේපිත ටී-56 ගිනිඅවිය” ළඟ තබා ගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව නැවත වතාවක් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ඊයේ (19) නියෝග කළාය.

ඒ අනුව වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු අමාත්‍යවරයා වෙත අධිකරණ නොතීසි නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර තිබේ.

මීට පෙර මෙම ප්‍රශ්නගත රන් ආලේපිත ගිනිඅවිය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබූ නමුත්, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය වර්ෂයේ (2025) ජූලි මස 29 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව එම නඩුවෙන් නිදහස් කර (Discharged) මුදාහැරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ පසු විමර්ශන වාර්තාවලට අනුව දුමින්ද දිසානායක මහතා සැකකරුවකු ලෙසට නම් කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *