Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් අසාදු ලේඛනයට? රජයෙන් නිවේදනයක්

59 seconds ago

ජනාධිපති අනුර කු-මාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී ජූලි 31 වන දා ට පෙර ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙසත්, එසේ නොවුනහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් අසාදු ලේඛනගත විය හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පවසා ඇති බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණු අතර, එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව රජය නිවේදනය කර සිටියි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නික-ුත් කර තිබෙන නිවේදනය පහත උපුටා දක්වමු.

ඩේලි මිරර් පුවත්පතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය පුවත රජය ප්‍රතික්ෂේප කරයි.

“Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD” යන සිරස්තලයෙන් ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති අසත්‍ය සහ නොමඟ යවනසුළු පුවත රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

මෙම වාර්තාවට කිසිදු සත්‍ය පදනමක් නොමැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති Jay Shah මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුව සිතාමතාම විකෘති කර දැක්වීමකි.

මෙම සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමින් සහ තරුණ තරුණියන් සඳහා වන ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාම සිය X ගිණුම් ඔස්සේ නිල වශයෙන් තහවුරු කළහ. එහිදී කිසිදු අවසාන නිවේදනයක්, අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ තර්ජනයක් හෝ නිලවරණයට අදාළ කරුණක් සාකච්ඡා නොවූ අතර, එවැනි කිසිදු අවසාන නිවේදනයක් නිකුත් කර නොමැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාගේම නිල ප්‍රකාශයන් සෘජුවම පරිශීලනය කිරීමට පාඨකයන්ට අවස්ථාව තිබියදී, මෙවැනි ප්‍රබන්ධිත පුවතක් පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතු වේ. එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වන මෙම නිවේදනය ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත්, අදාළ පුවත මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණය යන දෙකෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *