Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැංකුවේ සේප්පුවට බැස්ස හොරු මුරකරුවන් ගැට ගසා රන් භාණ්ඩ කොල්ලකයි

43 minutes ago

මොරගහහේන පොලිස් වසමට අයත් කෝරලයිම ප්‍රදේශයේ පිහිටි සමුපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුවක් සූක්ෂ්ම ලෙස කඩා, ඒ තුළ තිබූ රන් ආභරණතොගයක් කොල්ලකා පුද්ගලයින් තිදෙනෙකු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

අද (23) අලුයම 1.00ට පමණ මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

එහි සිටි ආරක්ෂක නිලධාරීන්ව බැඳ දමා බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයෙහි ජනේලයෙන් බැංකුව තුළට ඇතුළු වී ඇත.

පසුව ඔවුන් එහි තිබූ සේප්පුව කඩා ඒ තුළ සුරක්ෂිතව තිබූ රන් ආභරණ සොරාගෙන මෙලෙස පලා ගොස් ඇති බව වාර්තා වේ.

අදාළ සැකකරුවන් තිදෙනා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *