ධර්මපුරම් පොලිස් වසමේ පිරිමන්දාරු ප්‍රදේශයේදී නිවසක් අසල තිබූ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් අවුරුදු 02ක් වයසැති කුඩා දැරියක් මියගොස් ඇති බව ධර්මපුරම් පොලිස් ස්ථානය පවසයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම දැරිය ඇය පදිංචිව සිටි නිවසට යාබඳ නිවසක් ආසන්නයේ තිබූ, කට වසා නොතිබූ (අනාරක්ෂිතව) ජලය පිරී තිබූ ළිඳකට වැටී ඇති බවයි.
දැරිය ළිඳට වැටී ඇති බව දැක වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ ඥාතීන් ඇයව ළිඳෙන් ගොඩට ගෙන කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මෙම සිඟිත්තිය ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
දැරියගේ මෘතදේහය මේ වන විට ධර්මපුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

ඥානසාර හිමිගේ සිරදඬුවම තීන්දුයි! අභියාචනය ඉවතට!
තෙල්දෙණියේ ඝාතනය – සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ රැසක් එළියට
ඉරාන තෙල්වලට ඇමෙරිකාවෙන් සහනයක්! තෙල් මිල ගැන ඇහෙන සුබ ආරංචිය!
පාපන්දු ලෝක කුසලාන වාර්තා රැසක් අලුත් කළ මෙසීගේ ගෝල ද්විත්වය
භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අසාදු ලේඛනයට? රජයෙන් නිවේදනයක්
පුෂ්පිකාගේ රූ රැජින කිරුළ ගැලවූ නඩුවේ තීන්දුවට දින නියම කෙරේ
බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කළ ‘Toy Story 5’
මැයි මාසයේ උද්ධමනය ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
බර්ගර්, පීසා, බිස්කට්, කේක් ඇතුළු ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලාවල විකිණීම තහනම්! නවතම මාර්ගෝපදේශය මෙන්න!
කෑගල්ලේදී දරුණු රිය අනතුරක්! වාහන 6ක් එකිනෙක ගැටෙයි! අයෙක් මරුට! 10කට තුවාල! (වීඩියෝ)