රාජ්‍ය භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සහ ඒ ආශ්‍රිතව සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (23) පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.
මෙම විශේෂ විමර්ශන රැස්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම ඩොලර් මිලියන 2.5ක මූල්‍ය විෂමතාව පිළිබඳව සෘජුවම ප්‍රශ්න කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරී මණ්ඩලයට අද දින කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස නිල වශයෙන් දැනුම් දී ඇත.
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ, මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මීට සතියකට පෙර ද, මහ බැංකුව මීට දින හතර පහකට පෙර ද කාරක සභාව වෙත වෙන වෙනම වාර්තා ලබා දී ඇති බවයි.
“මේ ආයතන දෙකම ඩොලර් මිලියන 2.5ක අක්‍රමිකතාවක් සිදුව ඇති බව පිළිගෙන වාර්තා කර තියෙනවා. මේ වාර්තාවල තියෙන විෂමතාවය සහ ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද කියා අද දවල් 2.00ට පැවැත්වෙන රැස්වීමේදී රටට හෙළිදරව් කරනවා. ඒ නිසයි මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් ලේකම්වරයාට කාර්ය මණ්ඩලය සමඟ එන්න කිව්වේ,” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්