අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මූල්‍ය දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දිවයිනේ අතිශය සුදුසුකම්ලත් දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි. 2023 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සුබසාධක වැඩසටහනේ දෙවන අදියර මේ වසරේ (2026) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ වන විට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරේ.
2023 වසරේ ආරම්භක අදියරේදී කාණ්ඩ 4ක් යටතේ මෙරට පවුල් ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමිවිය. කෙසේ වෙතත්, ක්‍රමවත් සමාලෝචනයකින් පසු එහි සිව්වන කාණ්ඩය වන “සංක්‍රාන්තික කාණ්ඩයේ” ප්‍රතිලාභීන් 315,000කට 2025 අප්‍රේල් මාසයේ සිට ගෙවීම් නතර කිරීමට පියවර ගැණුනි.
එමෙන්ම, එහි තෙවන කාණ්ඩය වන “අවදානමට ලක්වූ කාණ්ඩයට” අයත් ප්‍රතිලාභීන් 425,000කට ද මේ වසරේ (2026) ජුනි මාසයේ සිට අස්වැසුම දීමනාව ලබාදීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාර්තා වේ.
දීමනා අත්හිටුවන ලද මෙම කාණ්ඩ දෙක (සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ) තුළ සිටින පවුල් අතරින්, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සැබවින්ම දුප්පත් හෝ අන්ත දිළිදු තත්ත්වයට පත්ව සිටින පවුල් වෙතොත්, ඔවුන්ට නැවත වටයකින් අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා සඳහන් කළේය.

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
ජූලි 1 වනදා සිට 15%කට අධික බස් ගාස්තු වැඩිවීමක්?
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්
අද සිට කාලගුණයේ වෙනසක්
දිලිත්ගේ ඉල්ලීමට චීන තානාපති දැක්වූ ප්‍රතිචාරය
2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්