ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ තාවකාලික වර්ධනයක් අද (ජූනි 25) රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, මීට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහාත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශ සැලකීමේදී, ඌව පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
කාලගුණ අනාවැකියට අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් සහ දරුණු අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, එමඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
ජූලි 1 වනදා සිට 15%කට අධික බස් ගාස්තු වැඩිවීමක්?
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්
දිලිත්ගේ ඉල්ලීමට චීන තානාපති දැක්වූ ප්‍රතිචාරය
මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි
2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්