Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්

40 minutes ago

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීම සඳහා ඡන්දදායකයින්ගේ ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය අහෝසි කිරීමෙන්, එක් මැතිවරණයකදී රුපියල් මිලියන 100ක පමණ මහජන මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාව පවතින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පැෆ්රල් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මෙම තීරණය ආර්ථික මෙන්ම පරිපාලනමය වශයෙන් ද සෑම අතින්ම ඉතාම යහපත් තීරණයක් වන බවයි.

මෙම යෝජනාව හදිසියේ මතුවූවක් නොවන බවත්, වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය. මෙම පැරණි ක්‍රමවේදය ඉවත් කිරීමෙන් විදේශයන්ගෙන් විශේෂ තීන්ත ආනයනය කිරීම, ඒවා දිවයින පුරා බෙදා හැරීම සහ ඒ සඳහා වැයවන පරිපාලන වියදම් සම්පූර්ණයෙන්ම ඉවත් වී මැතිවරණ බර පියවා ගැනීමට රජයට හැකි වේ.

වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ ජාතික හැඳුනුම්පත ඇතුළු නිල අනන්‍යතාපත්‍ර අනිවාර්යය කර තිබීම හේතුවෙන්, වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් හොර ඡන්දයක් භාවිතා කිරීමේ අවස්ථාව සලකා බැලිය යුතු මට්ටමකින් අවම වී ඇත. එමෙන්ම ඡන්ද ලේඛන සකස් කිරීම සහ නියාමනය සඳහා නූතන තාක්ෂණය බද්ධ කර ඇති බැවින් දශක ගණනාවක් තිස්සේ පැවති මෙම තීන්ත ආලේප කිරීමේ අවශ්‍යතාවය වර්තමානයට නොගැලපෙන බව විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *