වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළඹෙන ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකරන ලෙස පෞද්ගලික බස් සංගම් විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේදී මෙම ඉල්ලීම නිල වශයෙන් සිදුකළ බවයි.
ඉදිරි දින පහක කාලය තුළ බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.
“අපි බලාපොරොත්තු වෙනදා 15% ත් 20%ත් අතර පරාසයක වැඩිවීමක්. පහුගිය දින කිහිපයම අපි පාඩුවට දිව්වේ. ඩොලර් එක සහ අනිත් පිරිවැය සියල්ල වැඩි වෙලා තියෙනවා. බස් කාර්මාන්තය බරපතළ අර්බුදයක තියෙන්නේ. මාසයක් අපි ධාවනය කළේ අමාරුවෙන්. ඉදිරියේ මාස 6ක් තුල ඩීසල් මිල අඩු වුනත් අපි බස් ගාස්තු අඩු කරන්නේ නෑ කියලා තීරණය කළා. “
“බස් ගාස්තු අවස්ථා 300 ගානක් තියෙනවා ඒ සියල්ල්ම වැඩි වෙනවා. සංශෝධනයක් නෙමෙයි වැඩි වෙනවා. අපේ බලාපොරොත්තුව අවම ගාස්තුව රුපියල් 35ක් 40ක් වත් වෙයි කියලා.”

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්
අද සිට කාලගුණයේ වෙනසක්
දිලිත්ගේ ඉල්ලීමට චීන තානාපති දැක්වූ ප්‍රතිචාරය
මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි
2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්