වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සහ ඔවුන් හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා වන පනත් කෙටුම්පතක් ජනාධිපති නීතිඥ, පා.ම. ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදෙමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය වේ.
මෙම පනත මඟින් ළමා කටයුතු අමාත්‍යවරයාට දරුවන්ගේ සමාජ මාධ්‍ය ප්‍රවේශය වැළැක්වීමට මෙන්ම ඔවුන් දිනකට භාවිත කරන කාලය සීමා කිරීමට බලය ලැබෙන අතර, මෙහි නීතිමය කටයුතු අධීක්ෂණයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත්කිරීමට යෝජිතය.
පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල පිටපත බලපැවැත්වෙන බව ද එහි සඳහන් වේ.

මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව