ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පැහැදිලි පහත වැටීමක් අද (25) දින ද වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ගෝලීය තෙල් මිල නිර්ණය කිරීමේ ප්‍රධාන දර්ශකයක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 72.32ක් දක්වා පහත වැටී ඇත. පෙරේදා (23) දින බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 77.90ක් ලෙසය. ඒ අනුව දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 5කට වඩා වැඩි අගයකින් අඩු වී තිබේ.
ඇමරිකානු තෙල් දර්ශකය වන WTI වර්ගයේ බොරතෙල් මිල දරුණු ලෙස කඩා වැටෙමින් ඩොලර් 70 මනෝවිද්‍යාත්මක සීමාවෙන් ද පහළට පැමිණ ඇත. වර්තමානය වන විට WTI බැරලයක මිල ඇමරිකානු ඩොලර් 69.20ක් ලෙස සටහන් වේ. පසුගිය 23 වැනිදා ඩොලර් 74.10ක් ලෙස පැවති WTI මිල, මේ වන විට දින දෙකක් ඇතුළත ඩොලර් 4.90ක සෘණාත්මක අගයක් වාර්තා කර ඇත.

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
ජූලි 1 වනදා සිට 15%කට අධික බස් ගාස්තු වැඩිවීමක්?
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්
අද සිට කාලගුණයේ වෙනසක්
දිලිත්ගේ ඉල්ලීමට චීන තානාපති දැක්වූ ප්‍රතිචාරය
මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි
2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්