Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට

2 hours ago

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන, ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබූ බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (25) රාත්‍රියේ මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

2022 ජූලි මස ගම්පහ අධිකරණය අසලදී “පස්පොඩ්ඩා” ඇතුළු පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා ලත් මෙම සැකකරු, පැය 72ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශනයට ලක් කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *