Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

2 hours ago

මෑතකදී ප්‍රතිඵල නිකුත් වූ 2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් භාරගැනීම ඊයේ (25) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 08 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර පාසල් සහ පෞද්ගලික සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම සබැඳිගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, තැපැල් මඟින් හෝ වෙනත් කිසිදු බාහිර ක්‍රමයකින් ඉදිරිපත් කරන අයදුම්පත් භාර නොගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස, එහි ඇති “අපගේ සේවා” (Our Services) යටතේ ඇති “Exam Information Centre” ක්ලික් කිරීම මඟින් අයදුම්පත් ද්වාරය වෙත පිවිසිය හැක.

දැනටමත් පරිශීලක ගිණුමක් (User Account) ඇති අයදුම්කරුවන් තම විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) භාවිතා කළ යුතුය. නව පරිශීලකයින් (New Users) තම ජාතික හැඳුනුම්පත් අංකය සහ ක්‍රියාකාරී ජංගම දුරකථන අංකයක් භාවිතයෙන් පද්ධතියේ ලියාපදිංචි විය යුතුය.

අයදුම්පත සම්පූර්ණ කිරීමට ප්‍රථම එහි ඇති තාක්ෂණික උපදෙස්, පොදු රෙගුලාසි කියවීම සහ වෙබ් අඩවියේ ඇති උපදෙස් වීඩියෝව (Instructional Video) නැරඹීම අනිවාර්ය වේ.

එක් විෂයයක් නැවත සමීක්ෂණය කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 200කි. මෙම ගාස්තුව ක්‍රෙඩිට් කාඩ් (Credit Card), ඩෙබිට් කාඩ් (Debit Card) මඟින් සජීවීව හෝ ලඟම ඇති තැපැල් කාර්යාලය වෙත ගොස් මාර්ගගතව ගෙවිය හැක.

සාර්ථකව ගෙවීම් අවසන් කිරීමෙන් පසු අයදුම්පත PDF ආකාරයෙන් බාගත (Download) කර ළඟ තබාගත යුතු අතර, ඒ සමඟම අයදුම්කරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ (SMS) දැනුම්දීමක් ද ලැබෙනු ඇත. එක් අයදුම්කරුවෙකුට මාර්ගගතව අයදුම් කළ හැක්කේ එක් වරක් පමණක් වන අතර, ගෙවන ලද මුදල් කිසිදු හේතුවක් මත ආපසු ලබා නොදේ.

වැඩිදුර තොරතුරු සහ සහාය අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 785 231 ඇතුළු නිල දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *