Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්

17 minutes ago

තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) මැතිවරණයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කරමින්, රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ සුභසාධන වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

‘තායිමාමන්’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා වන නිල ගැසට් නිවේදනය තමිල්නාඩු රජය බලයට පත්ව දින 43ක් ඇතුළත නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව, තමිල්නාඩුවේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම ග්‍රෑම් එකක බරකින් යුත් රන් මුදුවක් පිරිනැමීමට නියමිතයි.

පිරිමි හෝ ගැහැණු යන භේදයකින් තොරව, රජයේ රෝහල්වල උපදින සියලුම දරුවන්ට මෙම ප්‍රතිලාභ හිමිවීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක්.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තමිල්නාඩු රජය වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 755.83ක මුදලක් වැය කිරීමට තීරණය කර තිබෙනවා.

රන් මුදු බෙදාහැරීමේ පහසුව සඳහා ඒවා රජයේ රෝහල්වලම සුරක්ෂිතව ගබඩා කර තැබීමටද පියවර ගෙන ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය සැප්තැම්බර් 15 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, එදිනට පෙර එනම් පසුගිය ජුනි 22 වැනිදා සිට රජයේ රෝහල්වල උපත ලැබූ සියලුම දරුවන්ටද මෙම රන් මුදු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවන බව තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *