Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?

17 minutes ago

වාර්ෂික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුකූලව මෙවර බස් ගාස්තු සංශෝධනය හෙට (01) දින සිට ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.

ඔහු සඳහන් කළේ මෙවර බස් ගාස්තු සංශෝධනය විය යුතු නිවැරදි ආකාරය සහ ඊට අදාළ නිර්ණායක පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වන විටත් ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, වාර්ෂික ගාස්තු සංශෝධනයක් හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද, ඒ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් බස් සංගම් කැඳවා කිසිදු නිල සාකච්ඡාවක් පවත්වා නොමැති බවට ගැමුණු විජේරත්න මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි. පවතින ආර්ථික සහ මෙහෙයුම් පිරිවැය සලකා බලා සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් මෙවර සිදු නොවුණහොත්, ඊට එරෙහිව වහාම අධිකරණ ක්‍රියාමාර්ග (Legal Action) වෙත යොමුවන බවද සභාපතිවරයා අවධාරණය කළේය.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව මේ වන විටත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවය.

කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *